ඉබ්බාගමුවේ වෛද්‍ය නලින්ද පුතා රෝයල් දාගත් හැටි ගැන - අධ්‍යාපන ඇමති කියලා



පසුගියදා වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවූ
අවස්ථාවේ තදින් ක්‍රියා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ

ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ගැන හෙළිදරව්වක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (20) පාර්ලිමේන්තුවේ දී දන්වා සිටියා. ඉබ්බාගමුවේ පදිංචි කරුවෙකු වන එම වෛද්‍යවරයා හිතාමතා ස්ථාන මාරු කරගත් අයෙකු බවත් ඔහුගේ දරුවා රෝයල් එකට දමා ගන්නට ඒ දේ කළ බවත් ඇමතිවරයා කියා සිටියා.
ඇමතිවරයා ඒ ගැන මෙසේ කීවේය.
 “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නලින්ද හේරත් ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නමුත් ඔහු පෞද්ගලික කරුණක් මත මෑතකදී කඩුවෙල ප්‍රදේශයට පදිංචියට පැමිණෙනවා. ඔහු තමන්ගේ පුත්‍රයා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගන්නේ හුදෙක් ඔහුගේ සංගමයේ ලේකම් ධූරය දැරීමේ වාසිය උපයෝගි කරගෙන.”
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment