ඔරොප්පු පොරවල් ඉන්න නිසා මට මහර යන්න බෑ කියා දෙමටගොඩ චමින්ද කෑ ගසලා




භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ පල්ලෙකැලේ සිරකඳවුර වෙත යැවූ දෙමටගොඩ චමින්ද මහර බන්ධනාගාරය වෙත මාරුකර හැරීමට තීරණයක් ගෙන තිබුනේ ඔහුගේ
වෙනත් නඩු කටයුතු සඳහා එය පහසුවක් වන බව ඒත්තු යාම නිසාය.
නමුත් ‘මගේ ඔරොප්පු පොරවල් ඉන්නවෝ.. මට මහර යන්න බැරියෝ..‘ කියා දෙමටගොඩ චමින්ද කෑ ගැසීම නිසා එම තීරණය
නැවත අවලංගු කර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදුව ඇති බව වාර්තා වනවා.

තමා මරන්නට බලාගෙන සිටින ජම්මාංතර වෛරක්කාර සිරකරුවන් පිරිසක් මහර බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඔවුන්ගෙන් තමාගේ ජීවිතයට හානියක් සිදුවීමට ඉඩ ඇති බැවින් තමාව මහර බන්ධනාගාරය වෙත මාරුකර නොහරින ලෙසත් දෙමටගොඩ චමින්ද ඉල්ලා තිබී ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment