භාරත ඝාතනයට මරණ දඬුවම් නියම වූ තිදෙනෙකුගෙන් අභියාචනාවක්

භාරත ඝාතනයට මරණ දඬුවම් නියම වූ තිදෙනෙකුගෙන් අභියාචනාවක්

මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනෙකු වරදකරුවන් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ලබාදුන් නියෝගය ඉවත දමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් එම නඩුවේ විත්තිකරුවෝ  තිදෙනෙක් ඊයේ (20) කොළඹ මහාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළහ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල බෙදුණු තීන්දුවක් මගින් තමන් වරදකරුවන් කරමින් ලබාදුන් නියෝගය ඉවත් කොට මෙම සියලුම චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙලෙස අභියාචනා ඉදිරිපත් කොට ඇත්තේ එම නඩුවේ පළමු විත්තිකාර විතානගේ අනුර තුෂාර ද මෙල්,  03 වැනි විත්තිකාර ශ්‍රීනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද සහ 07 වැනි විත්තිකාර කෝවිලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර නමැත්තන්ය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියම කළ අතර, එහි සෙසු විනිසුරුවරුන් ලෙස කටයුතු කළ පද්මිණි රණවක ගුණතිලක මහත්මිය සහ එම්.සී.බී.එස්. මොරායස් මහතා විසින් විත්තිකරුවන් දහතුන්දෙනාගෙන් අට දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු ඉතිරි වූ විත්තිකරුවන් පස් දෙනෙකු අදාළ සියලුම චෝදනාවලට වරදකරුවන් බව බහුතර විනිසුරු මඬුල්ල විසින් තීරණය කරමින් ඔවුන් සියලු දෙනාටම මරණ දඬුවම නියම කෙරිණි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment