'එළුග තමිල්' නොහොත් දෙමළ ජනතාවනි නැගිටිව් යනුවෙන් යාපනයේදී පැවැත්වීමට නියමිත විරෝධතා වැඩසටහන වෙනුවෙන් සියලු දෙනා සහභාගි වන ලෙස ඉල්ලා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඊයේ (21) ලිපියක් නිකුත් කොට තිබේ.
විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව විසින් ලබන 24 වැනි දින මෙම විරෝධතා වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති අතර අදාල ලිපිය යාපනයේ ජනතාව අතරේ බෙදා හැර සියල්ලන්ටම ඊට සහභාගී වන මෙන් ඉල්ලීමක් කර ඇත.
ප්‍රධාන අමාත්‍යවරයා එම ලිපිය මඟින්,"දෙමළ භාෂාව කථා කරන ආදරණීය සහෝදර, සහෝදරියනි එළුග තමිල් වෙනුවෙන් සහභාගි වන ලෙසට මෙයින් පළමුව ඉල්ලා සිටිමි. උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව හා උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරුද්ධත්වය පළ කිරීමට එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිත එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගිවන්න." ලෙස දන්වා තිබේ.
1958, 1961, 1974, 1977, 1983 යන වසරවලදී සිදු වු අරගල හා දෙමළ ජනතාවට සිදු වු අසාධාරණ හේතුවෙන් දෙමළ තරුණයින් සන්නද්ධ අරගලයන් දක්වා ගමන් කළ බවත් වර්තමානයේදීත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටුවී නොමැති බවත් විග්නේශ්වරන් මහතා එම ලිපියෙන් සඳහන් කොට ඇත.
එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් වෙත බලය ලබාදෙන බවට පැවසූව ද එම පොරොන්දුව කිසිඳු රජයක් ඉටුකොට නැති බවත් උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට මෙම විරෝධතා වැඩසටහන පැවත්වෙන බවත් එම ලිපියේ සඳහන් වේ.
වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුලු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්ක තුළ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.
එම ලිපිය පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment