ඇපෙන්ඩිසයිටිස් සැත්කමකට වන්නිල ඇත්තන් රෝහල් ගතවේ


දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා අත්තන් අපස්තතිති පුන්ජය (appendicitis)ශල්‍යකර්මයක් සිදු කිරිම සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

කුඩා ගැටිත්තක් ඔහුගේ උදරයේ මතුවී ඇති  බවත්


එය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරිම සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් වු බවත් එය මේ වන විට සාර්ථකව ඉවත් කල බවත් මහියංගන රෝහලේ අධ්‍යක්ෂක සෙනරත් බන්ඩාර ප්‍රකාශ කර සිටියේය.
ඔහුගේ ජීවිත කාලය තුළ රෝහලක් වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් වුයේ දෙවන වරට බව වන්නිලා ඇත්තන් පවසා ඇත.
වන්නිලා ඇත්තන් වාට්ටුවේ සිටිනු දැක විශාල පිරිස් ඔහු නරඹන්නට පැමිණීමෙන් රෝහල් කාර්ය මන්ඩලය අපහසුතාවයට පත්වූ බවද වාර්තා වුණා.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment