පොලිස් ලොක්කන්ගේ වාහන දෙකක් එකිනෙක ගැටෙයි

පොලිස් ලොක්කන්ගේ වාහන දෙකක් එකිනෙක ගැටෙයි

කොළඹ කැප්පෙටිපොළ මාවතේ පොලිස් නිලධාරි  නිවස්නය අසල දී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ මෝටර් රථ ගැටී ගසක ද වැදීමෙන් සිදු වූ අනතුරකින් එම වාහන දෙකටම බරපතල හානි සිදු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ආරක්ෂක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන්ගේ මෝටර් රථ මෙසේ අනතුරට ලක්වී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ නිව්යෝර්ක් ගොස් සිටියි. අජිත් රෝහණ මහතාද මෝටර් රථයේ සිටිය දැයි දැනගන්නට නොමැත. 

කෙසේ වෙතත් මෙම අනතුරින් පසු පොලිසිය එම ප්‍රදේශයේ  මාර්ගය දෙපැත්තෙම වසා දමා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment