ජනපති, ඕස්ට්‍රේලියා අගමැති හමුවෙයි

ජනපති, ඕස්ට්‍රේලියා අගමැති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සැසි වාරය නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ඊයේ (20) ආරම්භ කෙරුණු අතර ඊට සහභාගී වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විදේශ රාජ්‍ය නායකයින් අතර හමුවීම් කිහිපයක් සැසිය අතරතුරදී සිදු විය.

පළමුව ජනාධිපතිවරයා හමු වූයේ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බාර් මහතායි.

ජීවිත හානි කිහිපයක් සිදු කරමින් කාෂ්මීරයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ මෙහිදී ශී‍්‍ර ලංකා රජය මෙන්ම ජනතාව වෙනුවෙනුත් පෞද්ගලිකවත් සිය කනගාටුව පළ කළ ජනාධිපතිවරයා මෙවන් කි‍්‍රයාවන්ට එරෙහිව කලාපීය වශයෙන් සාමූහික ප‍්‍රයන්තයක අවශ්‍යතාවය අවධාරණය කළේය.

ඉන්දීය ආධාර යටතේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ඉන්දු - ලංකා ධීවර ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර තහනම් ටෝලර් භාවිතය මගින් මුහුදු සම්පතට වන විනාශය එහි බරපතළම තත්ත්වය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

මේ අතර ඕස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඉන් අනතුරුව ජගත් සංවිධාන මූලස්ථාන පරිශ‍්‍රයේ දී සිදු විය.

නීති වීරෝධි සංක‍්‍රමණිකයින් පිළිබඳ ගැටලුවේදී ශී‍්‍ර ලංකාව ලබාදුන් සහයෝගය ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ඕස්ටේ‍්‍රලියාව නිදහස් ආගමන පිළිවෙතක් අනුගමනය කරන රටක් වුවද නීතිවිරෝධි මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඕස්ටේ‍්‍රලියානු රජය ලබාදෙන සහයෝගය වෙනුවෙන් ශි‍්‍ර ලංකා රජයේ ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සැසි වාරයට සහභාගී වන රාජ්‍ය නායකයින් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතා විසින් පිරිනමනු ලැබූ විශේෂ භෝජන සංග‍්‍රහයට ද බැන් කී මුන් මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉන් අනතුරුව ජනාධිපතිවරයා එක් විය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment