රිය අනතුරකින් තරුණයෙකු මැරුවැයි නුවන් කුලසේකර අත්අඩංගුවට


රිය අනතුරකින් තරුණයෙකු මැරුවැයි
නුවන් කුලසේකර අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රකට වේගපන්දු යවන ක්‍රීඩක  නුවන් කුලසේකර රිය අනතුරක් සිදු කර
පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්පන්ධ සිද්ධියකට මැදිවී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.


කඩවත කිරිල්ලවල  රන්මුතුගල ප්‍රදේශයේදී නුවන් වේගයෙන් පදවා ගිය මෝටර් රථයට අද සවස තරුණයෙකු ගැටී ඇති අතර එම අනතුරින් තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු මෝටර් රථයට යටවී ඇති බව පොලීසිය පවසයි.
මියගිය තරුණයා නිට්ටඹුවේ පදිංචි 28 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇත. මේ වන විට  ක‍්‍රීඩක නුවන් කුලසේකර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයේ රඳවා සිටින ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment