හමුදාපති දළදා මාලිගාවේ සිටියදී ඩ්‍රෝන කැමරාවක් සැරිසරයි

හමුදාපති දළදා මාලිගාවේ සිටියදී ඩ්‍රෝන කැමරාවක් සැරිසරයි

ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියදී මහනුවර වැව ආසන්නයේ සිට නියමුවන් රහිත ස්වයංක්‍රීයව ගුවනේ සිට ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගත හැකි කැමරාවක් උපයෝගී කරගනිමින් ඒ අවට ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගනිමින් සිටි ජපන් ජාතිකයින් 02ක් මහනුවර පොලීසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා අගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙම විද්‍යුත් උපකරණ මෙරටට ගෙනවිත් තිබේද යන්න පිළිබඳව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සිට මෙම ජපන් ජාතිකයින් දෙදෙනා අදාළ යන්ත්‍රය ගුවන්ගත කර තිබෙන අතර සිද්ධිය දුටුවෙකු පොලීසියට කරන ලද දැනුම්දීමක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර - කමල් සුරවීර

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment