කනත්තේ ඩ්‍රෝන යැවූ අය ලසන්තගේ ඝාතනයට සම්බන්ධදැයි පරීක්ෂණ


පසුගියදා ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගත් අවස්ථාවේ බොරැල්ල කනත්තට ඉහළින් කැමරාවක් සහිත සැහැල්ලු ගුවන් යානයක් (ඩ්‍රෝන් යානයක්) යැවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



මේ පිළිබද නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා වෙත පොලිසිය දන්වා සිටියේ මෙම කැමරාව යැවීමට කටයුතු කර ඇති අය ඝාතනය සම්බන්ධයෙන් කිසියම් සම්බන්ධයක් ඇති බවට සැකයක් පවතින බවකි.
සිද්ධිය අවස්ථාවේ කනත්තේ ආරක්ෂාවට යෙදවූ පොලිසියට එම යානය යැවූ අය සොයාගන්නට අපහසු විය.

මෙම ක්‍රියාව සිදු කරන ලද්දේ මාධ්‍ය ආයතනයක් බවට වාර්තා පළව තිබුණ නමුත් එදින රාත්‍රී කිසිදු නාලිකාවක එම ගුවන් ඡායාරූප දර්ශන නොපෙන්වීම මත සැකයක්ද ජනිතවී තිබේ.

මෙම ක්‍රියාව මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කරන්නක් බවට මාධ්‍ය වේදී වික්ටර් අයිවන් විසින් ප්‍රකාශයක්ද සිදු කර තිබුණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment