නව ව්‍යවස්ථාවෙන් ජනවාර්ගික අර්බුදයට තිරසාර විසඳුමක්

නව ව්‍යවස්ථාවෙන් ජනවාර්ගික අර්බුදයට තිරසාර විසඳුමක්

මෙරට තුළ සංහිඳියාව ඇති කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සීග්‍රයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ නව ව්‍යස්ථා කෙටුම්පත මගින් ජනවාර්ගික අර්බුදයට සියලුදෙනාම පිළිගන්නා තිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.

කිසිවිටක රටේ ස්වෛරීභාවය අභියෝගයක් වන කිසිදු වගන්තියක් නව ව්‍යවස්ථාවට ඇතුළත් නොවන බවත් ඒ පිළිබඳව තමා සහතික වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව නිර්මාණය කළ ජාතික ආණ්ඩුවක, ප්‍රථම වතාවට රටේ විපක්ෂ නායකවරයා ලෙස ද්‍රවිඩ නායකයෙකු සිටින පාර්ලිමේන්තුවක මෙම නව ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීම පිළිබඳව තමාට විශාල බලාපොරොත්තුවක් ඇති බවයි.

මහනුවර - කමල් සුරවීර

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment