අජිත්-එස්එම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාගේ වාහන එකිනෙක හැපිලා




කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි පොලිස් නිලධාරි  නිවස්නය අසල දී වාහන දෙකක් එකිනෙක හැපී අද උදෑසන අනතුරක් සිදු වුණා.

එම වාහන දෙක නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට අයත් දෙකක් වීම විශේෂ විය.


ඔවුන් වන්නේ ජනාධිපති ආරක්ෂක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන අයයි.
මෝටර් රථ ගැටී ගසක ද වැදීමෙන් සිදු වූ අනතුර නිසා එම වාහන දෙකටම බරපතල හානි සිදු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ නිව්යෝර්ක් නුවර ගොසින් සිටින අතර
අජිත් රෝහණ මහතාද අද වෙනත් රථයකින් රාජකාරියට වාර්තා කර තිබුනි.
මෙම අනතුරින් පසු පොලිසිය එම ප්‍රදේශයේ  මාර්ගය දෙපැත්තෙම වසා දමා තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment