ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදකයාට කොණ්ඩෙ අවුල් කරන්න දී ඇත්ත කොණ්ඩය සනාථ කරයි



ඇමරිකානු මීළග ජනපතිධූරය සදහා තරග කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩය බොරු එකක් බවට ටික කාලයක සිට විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබුණ අතර ඒ ගැන ඇතැම් අයට සැකයක්ද පැවතී තිබේ.

පසුගියදා‍ෙ ‘ටුනයිට් ෂෝ නමින් එරට ප්‍රකටවී තිබෙන රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කොණ්ඩය පිළිබඳ ප්‍රශ්නය එම වැඩසටහනේ නිවේදක ජිමී ෆෝලන් ඇදගත් අතර පසුව ඔහු තමාට කොන්ඩය අවුල් කරන්නට අවසරයක් ලබාදී එය ඇත්ත එකක්ද බොරු එක්කද කියා ඔප්පු කරන්නට අවස්ථාවක් ඉල්ලා සිටියා.

ට්‍රම්ප්  ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වුවහොත් තමාට කිසි අවස්ථාවක මෙම යෝජනාව කිරීමට නොහැකි වන බවද නිවේදකයා කිව්වා.
ට්‍රම්ප් තරමක් බැරෑරුම් ඉරියව්වක් මුලින් දැක්වුවත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද එය ඉටුකිරීමට පසුව අවස්ථාව ලබාදුන්නා.
එම අවස්ථාවේ ජිමී , ට්‍රම්ප්ගේ හිසකේ වේගයෙන් අවුල් කරගෙන ගොස් බොරු කොණ්ඩයක් නොවන බව සනාථ කළා.
එම වීඩියෝව පහතින්

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment