කිලිනොච්චි ගින්න: වෙළඳ සංකීර්ණය සම්පූර්ණයෙන් විනාශ වූ හැටි (PHOTOS)

කිලිනොච්චි ගින්න: වෙළඳ සංකීර්ණය සම්පූර්ණයෙන් විනාශ වූ හැටි (PHOTOS)

කිලිනොච්චිය, ඩිපෝව හන්දිය අසල පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (16) රාත්‍රීයේ ඇති වූ  ගින්නකින් කඩකාමර හා කුඩා වෙළෙඳසැල් 100ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කිලිනොච්චිය පොලීසිය ප්‍රකාශ කරයි.

රාත්‍රී 9.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් අදාළ වෙළෙඳසැල් 75ක් පමණ සම්පූර්ණ වශයෙන් හානිවී ඇති අතර ඒවා තුළ වූ භාණ්ඩ ද සම්පූරණයෙන්ම විනාශ වී ඇත.

ගින්න ඇති වූ අවස්ථාවේදීම කිලිනොච්චිය ප්‍රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය, යුධ හමුදාව, ගුවන් හමුදාව හා පොලීසිය එක්ව ගින්න මැඩපවත්වීමට පියවර ගෙන ඇත.

ප්‍රදේශයේ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න වඩාත් පැතිරයන්නට ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

සිදුවූ දේපල හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බව සඳහන් වේ.

 

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කොට ඇත.

ඡායාරූප පහතින් > > > 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment