ජනපති හෙලිකොප්ටරයකින් බහින හැටි වීඩියෝ කළ තරුණයා


යාළුවන්ට පෙන්නන්න
ජනපති හෙලිකොප්ටරයකින් බහින හැටි
වීඩියෝ කළ ලොරි ඩ්‍රයිවර්


ඊයේ රත්නපුර ප්‍රදේශයේ සංචාරයක නිරතවූ මෛත්‍රිපාල සිරිසේන ජනපති වරයා  හෙලිකොප්ටරයකින් බම්බලපිටියේ ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියට පැමිණි අතර හෙලිකොප්ටරය බස්සමින් සිටි අවස්ථාවේ ඒ ආසන්න ලොරියක සිටි එක්තරා තරුණයෙකු ජනපතිවරයාගේ සම්ප්‍රාප්තිය
වීඩියෝ ගත කරමින් සිට තිබුණි.

වැල්ලවත්තේ පදිංචි බව කියන 26 හැවිරිදි මෙම තරුණයා රියදුරෙකු වශයෙන් සේවය කරන කෙනෙකි.
ජනපතිවරයා ඉලක්ක කර කැමරාව යොමු කරමින් ඔහු ඉහළ අහසේ සිටම මෙම අවස්ථාව වීඩියෝ කර ඇත්තේ අදාළ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ආරක්ෂකයින් බලා සිටියදීමය.
ජනපතිවරයා හෙලිකොප්ටරයෙන් බැස්ස පසු ආරක්ෂක අංශ වෙත මෙම තරුණයා ගැන අවධානය යොමුව පවතින අතර ඔහු කවර උවමනාවකට මෙම පටිගත කිරීම සිදු කළේද යන්න ගැන සැකයක් පහළවී තිබේ.
ඒ අනුව ආරක්ෂක අංශ සැපයූ උපදෙස් මත අදාල තරුණයා සැක පිට අත්අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළා.
ලිඳුල ප්‍රදේශයේ සිට රියදුරු රස්සාවකට කොළඹට පැමිණ වැල්ලවත්තේ පදිංචිව සිටින තමා කිසි දිනෙක ජනපතිවරයා හැබැහින් දැක නැති බවත් මෙම අවස්ථාවේ ජනපතිවරයා පැමිණෙන අයුරු දැක එය වීඩියෝ කර යාළුවන්ට පෙන්වන්නට තරම් වටින අවස්ථාවක් යයි කල්පණාවට නැගුණ හෙයින් ජංගම දුරකථනයේ කැමරාව පණගන්වා එම අවස්ථාව වීඩියෝ ගත කළ බව තරුණයා පොලිසියට දන්වා ඇත.
මොහු ගැන ත්‍රස්ත විමර්ශණ අංශය හා රහස් පොලිසිය පරික්ෂණ අරඹා ඇත.



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment