රේගුව සඳුදා සිට යථා තත්ත්වයට

රේගුව සඳුදා සිට යථා තත්ත්වයට

දින කිහිපයක් පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම නිසා ප්‍රමාද වූ රේගු නිශ්කාශන කටයුතු ලබන සදුදා වන විට යථා තත්ත්වයට පත් කිරීමට රේගු නිලධාරින් එකඟ වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා ප්‍රකාශ කරයි. 

යෝජිත නව රේගු පනතට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසුණි.

ඔවුන් ඊයේ (23) එම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළේ රේගු, සුරාබදු සහ දේශීය ආදායම් ඒකාබද්ධ විරෝධතාවට එක්වීමෙන් අනතුරුවයි.

ඊයේ මොවුන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලබන අඟහරුවාදා දින සාකච්ඡාවක් පවත්වා ගැටළු විසඳන බවට වූ පොරොන්දුව මතයි.

දින 05ක් තිස්සේ රේගු වෘත්තීය සමිති දියත් කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු සටහන්කර 2000 ක් පමණ ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment