මෙරට කාන්තාවන් මත්වීම ඉහළ ගිහින්

මෙරට කාන්තාවන් මත්වීම ඉහළ ගිහින්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් බීර පානය කිරීම පසුගිය වසර කිහිපයේ ඉහළ ගොස් ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ කොළඹ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (12) පැවති ‘මිතුරු මිතුරෝ සංසදය‘ සංවිධානය කළ ජාතික අමද්‍යප විශිෂ්ටතා සම්මාන උළෙල අමතමිනි.

පසුගිය වසර කිහිපයේ දුම් පානය කිරීම පහළ ගොස් මද්‍යසාර පානය ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වන බවද ජනපතිවරයා පැවසී ය.

කෙසේ වුව ද රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම ඉහළ ගොස් ඇති බවත් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ පොදු සාමුහික අභියෝගයකට මුහුණදීමට සියලු දෙනා එක්විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment