හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ පංති කාමර කිහිපයක මැක්කන් විශේෂයක් බෝවීම නිසා අද (28) සිට දින 02ක් එම පංති කාමර වසාදමා ළමුන්ට නිවාඩු ලබාදීමට පියවර ගත්බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රීදරන් මහතා ප්‍රකාශ කරයි.
එම මරක්කන් විනාශ කිරීම සඳහා හැටන් දික්ඹය නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇති බවත් මැක්කන් විනාශ කිරීමට කෘමි නාශක දියරයක් අදාළ පංති කාමරවල ඉසීමට පියවර ගත් බවත් කලාප අධ්‍යක්ෂවරයා කියාසිටියේය.
පාසලට යාබදව ඌරන් ඇති කිරීමේ ගොවිපලක් පවත්වාගෙන යන බවත් ඒ හේතුවෙන් මෙම මැක්කන් බෝවන්නට ඇති බවටත් සෞඛ්‍ය අංශ සැකපළ කරයි.
කලාප අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ මෙම ගොවිපල පාසල ආසන්නයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
හැටන් - රංජිත් රාජපක්ෂ
0 comments :
Post a Comment