මිලියන 10 ක ඇප මත මහින්දානන්ද නිදහස්


කෙටිකාලයක් තුළදී නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකර
ඇතැයි කියන සිද්ධයට අදාළව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් පනස්

දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත

මුදාහරින ලෙස කොළඹ
ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (27) නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් අධිකරණය හමුවේ පෙනී
සිටියහ.
එමෙන්ම තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට කැරම් බෝඞ් සහ දාම්බෝඞ් දහහතර දහසක් බැගින් ආනයනය
කරමින් රුපියල් කෝටි 5කට අධික මුදලක් රජයට පාඩුකර අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකළැයි චෝදනා
ලද හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ මහතාගේ නඩුවද ඊයේ විභාගවූ අතර රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර
ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (27) නියෝග
කළේය.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment