අධිකරණයේ ස්වාධීනත්වය අවම කිරීමේ කුමන්ත්‍රණයක් (VIDEO)

අධිකරණයේ ස්වාධීනත්වය අවම කිරීමේ කුමන්ත්‍රණයක් (VIDEO)

ස්වාධීන අධිකරණයට ඔවුන්ගේ ස්වාධීනත්වය අවම කිරීමට විශාල කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුළසූරිය මහතා පවසයි. 

ඇතැම් මාධ්‍ය රුදුරු ලෙස ආත්මගරුත්වය කෙළෙසමින් අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කරන බවත් තමන් මේ පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයට යෝජනාවක් ඉදිරිපත් කරමින් අදාළ ද්වේශ සහගත වාර්තාකරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගත යුතුයැයි ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය. 

“ඔවුන් බලාපොරොත්තු වන්නේ අධිකරණය තමන්ට අවශ්‍ය ලෙස තීන්දු දෙයි කියලා“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

බොහෝ විනිසුරුවරුන්ට වෙබ් මාෆියාවලින් හා විකල්ප මාධ්‍ය මාෆියාවලින් පහර දෙන බවත් විනිසුරුවරුන් පිළිබඳ අසත්‍ය කතා පතුරවන බවත් හේමන්ත වර්ණකුළසූරිය මහතා පැවසී ය.

මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතාද මාධ්‍ය මගින් විනිසුරුවරුන්ටවන බලපෑම සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. 

මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා ඊයේ අභියාචනාධිකරණයේ පැවති උත්සවයකදී සඳහන් කර තිබුණේ ස්වාධීන විනිසුරුවරුන්ට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කරන බලපෑම් සම්බන්ධයෙන් නීතීඥ සංගමය අවධානය යොමු කර ඇති බවයි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment