ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් ඊයේ (12) දැයෙන් සමුගත්තේය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදීය.
අපවත් වී වදාළ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ඊයේ පෙරවරුව වනතෙක් එම ශ්‍රී දේහය බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණි ධර්ම ආශ්රමයේ තැන්පත් කොට තිබුණි.
උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට පිටත්වීම ආරම්භ වුණේ ඊයේ පස්වරු 01.00 ට පමණය.
ප්‍රථමයෙන් ශ්‍රී දේහය පාර්ලිමේන්තු වටරවුම වෙත වැඩමවීමෙන් අනතුරුව අවමංගල්‍ය පෙරහැර ආරම්භ විය.
ආදාහන උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටියේය.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment