ඥානසාර හිමිට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් (VIDEO)

ඥානසාර හිමිට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් (VIDEO)

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය සංශෝධනය කර ලබන 13 වැනි දින ඉදිරිපත් කරන ලෙස අභියාචානාධිකරණය ඊයේ (27) නීතිපතිවරයාට නියෝග කර තිබේ.

එම චෝදනා පත්‍රය පිළිබඳව විරෝධතා ලබන නොවැම්බර් 18 වැනි දින අධිකරණය හමුවේ ලිඛිතව ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට ද දන්වා ඇත.

මෙම රිට් පෙත්සම අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා සහ ප‍්‍රීති පද්මන් සූරසේන මහතා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණයේ ශබ්ද නඟා කථාකරමින් කලහකාරී ලෙස හැසීරීමෙන් ඥානසාර හිමි අධිකරණයට අපහාසයක් සිදු කර ඇත්දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා පසුගිය ජනවාරි 20 වැනිදා මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමු කළේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment