ශ්‍රී ලංකා නාවික හමුදාවට මැරීන් බලකායක් - පෙන්ටගනයේදී නාවික හමුදාපති සාකච්ඡාවක 

ශ්‍රී ලංකා නාවික හමුදාවට මැරීන් බලකායක් - පෙන්ටගනයේදී නාවික හමුදාපති සාකච්ඡාවක 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙරේදා (26) එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පෙන්ටගනයේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී තිබේ. 

අනතුරුව ආසියාවේ දේශපාලන-හමුදා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ගුවන් හමුදා මේජර් ජෙනරාල් ජෝන් ක්වින්ටස් මහතා, අධ්‍යක්ෂ උපායමාර්ග හා සැළසුම් අංශය, එක්සත් ජනපද මැරීන් බළකායේ බ්‍රිගේඩියර් ජෙනරල් සීජේ මැහෝනි මහතා සහ පෙන්ටගනයේ නාවික හමුදා මෙහෙයුම් කටයුතු පිළබඳ නියෝජ්‍ය ප්‍රධානී, සැළසුම් හා උපාය මාර්ග, වයිස් අද්මිරාල් ජෝන් ඇක්වීලිනෝ යන මහත්වරුන් සමග සාකච්ඡා කර ඇත. 

එහිදී පුහුණු වීම්, අත්දැකීම් හුවමාරුව, නෞකා සංචාර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය පිහිටුවීමේ කටයුතු පිළිබඳව සහ ද්විපාර්ශ්වික සහයෝගිතාවය සම්බන්ධයෙන් කරුණු රාශියක් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම නාවික හමුදාධිපතිවරයා ඊයේ (27) දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ වෙරළ ආරක්ෂක බලකා මූලස්ථාන නියෝජිතයින් පිරිසක් හමුවී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 

ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක, ලුතිනන් ජේකොබ් ඉංග්ලිෂ් මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා සහ නාවික හමුදාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සහ අධි සහයක, කපිතාන් බුද්ධික ලියනගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment