විදුහල්පති පත්වීම් 4076කට කැබිනට් අනුමැතිය

විදුහල්පති පත්වීම් 4076කට කැබිනට් අනුමැතිය

විදුහල්පති 3වැනි ශ්‍රේණිය විභාගය සමත්වී සිටින 3901 දෙනෙකු ජාතික හා පළාත් පාසල්වලට විදුහල්පතිවරුන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීම සඳහා වන කැබිනට් අනුමැතිය ඊයේ (27) ලැබුණු බව අධ්‍යාපන අමාතය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙතෙක් කල් එම පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ අයගෙන් කොටසක් ද මෙම විභාගයට පෙනී සිට සමත්ව සිටින බව පැවසූ අමාත්‍යවරයා ඉතිරි අයගෙන් වසර 03කට වැඩි කාලයක් වැඩ බලා ඇති විදුහල්පතිවරුන් 250දෙනෙකුටත්, වයස අවුරුදු 50ත් 60ත් අතර පසුවීම නිසා විභාගයට පෙනී සිටීමට නොහැකි වූ 570දෙනෙකුටත් වෙනම විභාගයක් පවත්වා 03 වන පන්තියේ විදුහල්පතිවරු ලෙස බඳවාගැනීමට හා ඊට අයත් නොවන වැඩ බලන විදුහල්පතිවරුන්ට නියෝජ්‍ය විදුහල්පතිවරු ලෙස පත්වීම් ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විද්‍යා ගණිත ගුරු පුරප්පාඩු පිරවීමේදී එම උපාධිධාරීන්ගේ හිඟයක් පවතින බැවින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් විද්‍යා හා ගණිත උපාධි ලබාගෙන ඇති අයද ඒ වෙනුවෙන් බඳවාගැනීමට තීරණය කර ඇති බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment