2017 අයවැයෙන් බදුබර වැඩිවෙයි

2017 අයවැයෙන් බදුබර වැඩිවෙයි

ලබන වර්ෂය (2017) සඳහා මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන අයවැයෙන් මහජනතාවගේ බදු බර තවත් ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

මෙයට හේතු වී ඇත්තේ රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බදු ආදායම් ඉහළ නංවා ගන්නා බවට ලබා දී තිබෙන එකඟතාවන් බව වාර්තාවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබාගත් ණය මුදලට අදාළව ශ්‍රී ලංකා රජය එම අරමුදලට එකඟතාව පළ කර ඇති ආර්ථික වැඩපිළිවෙළ තුළ බදු ප්‍රතිසංස්‌කරණ ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන ලෙස එම අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට උපදෙස්‌ දී තිබේ.

එසේම එම අරමුදල තවදුරටත් රජයට උපදෙස්‌ දී ඇත්තේ 2016 සහ 2017 වසරවල රජයේ ආදායම් ඉලක්‌ක සපුරා ගැනීම සඳහා වැට්‌ බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම වැදගත් වනු ඇති බවයි.

දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස අඩු මට්‌ටමක පවතින බදු ආදායම ඉහළ නැංවීම සඳහා මැනවින් සකස්‌ කරන ලද ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු බදු ප්‍රතිපත්තියක්‌ ආධාරයෙන් 2017 වසර සඳහා වන අයවැය සකස්‌ කළ යුතු බවටද එම අරමුදල රජයට පවසා තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment