ජාතික මදුරු මර්දන සතිය අවසන් - 2195කට නඩු

ජාතික මදුරු මර්දන සතිය අවසන් - 2195කට නඩු

පසුගිය සැප්තැම්බර් මස 27 වනදා ආරම්භ කළ ජාතික මදුරු මර්දන සතිය ඊයේ (03) සාර්ථකව අවසන් කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශී්‍ය වෛද්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම අමාත්‍යාංශය මගින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරුණු මෙම ජාතික මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 624,680ක් පරික්ෂාවට ලක් කර ඇත.

එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 9310ක් සොයාගෙන ඇති අතර මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 98,118ක් නිවැරදි කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සතිය තුළ මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය 24,318ට නොතීසි නිකුත් කිරීමටත් 2195 දෙනෙකුට නඩු පැවරීමටත් පියවර ගත් බව එම නිවේදයෙහි තවදුරටත් සඳහන් වේ.

එමෙන්ම එහිදී වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 26ක් තෝරාගෙන ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, මඩකළපුව, යාපනය යන දිස්ත්‍රික්කවල එම කලාප හඳුනාගෙන ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment