බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කළ යුතු බව හිටපු කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී ආන්දෝලනයට ලක්වූ මූල්‍ය සමාගම ගෙවීගිය වසරක කාලය තුළදී රුපියල් මිලියන 5100ක ලාභයක් ලබා ඇතැයි ඔවුන් විසින්ම ප්‍රකාශයට පත්කර ඇති නිසාවෙනි.
මෙම ආයතනය සකස් කර තිබෙන්නේ 2013 වසරේදී බවත් එවකට ඔවුන් සතු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 500ක් බවත් එම මුදල පවා ඉතා අපහසුවෙන් සොයාගෙන තිබෙන බවත් ඩිව් ගුණසේකර මහතා කියාසිටියේය.
නමුත් පසුගිය වසරේ අප්‍රේල් පළමුවැනිදා සිට මෙම වසරේ මාර්තු 31වැනිදා දක්වා කාලය තුළ අදාළ සමාගමේ ශුද්ධ ලාභය මිලියන 5100ක් බව පසුගිය 03 වැනිදා ඔවුන් විසින් එළිදැක්වූ වාර්තාවල සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.
අදාළ බැඳුම්කර වංචාව පිළිබඳව තමා කෝප් කමිටු සභාපතිවරයාව සිටි කාලයේදී පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කළ නමුත් මේ වනවිට එම වාර්තාව හමස් පෙට්ටියට දමා කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා අවධාරණය කළේය.
එම නිසා අදාළ සමාගම ප්‍රකාශයට පත්කර තිබෙන ලාභංශ ප්‍රකාශ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
0 comments :
Post a Comment