මන්නාරමේදී ඩෙටනේටර් තොගයක් සමග 2ක් දැලේ

මන්නාරමේදී ඩෙටනේටර් තොගයක් සමග 2ක් දැලේ

මන්නාරම, පල්ලිමුනෙයි, ප්‍රදේශයේදී ඩෙටනේටර් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම, නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

එහිදී ඇසුරුම් 100ක සගවා තිබූ ඩෙටනේටර් 7,500ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

නීති විරෝධී ධීවර කටයුතු සඳහා අදාළ ඩෙටනේටර් තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් ඇති බවට නාවික හමුදාව සැකපළ කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඩෙටනේටර් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත බාරදුන් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment