මීගමුවේ බන්ධනාගාරයකින් රැඳවියන් 6ක් පළා යයි

මීගමුවේ බන්ධනාගාරයකින් රැඳවියන් 6ක් පළා යයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මීගමුව - පල්ලන්සේන තරුණ වැරදිකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් රැදවියන් 06 දෙනෙකු අද (29) අලුයම් කාලයේ පළා ගොස් ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ටී.එන්.උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළේ මොවුන් සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වී ඉදිරි මාස දෙක තුළ නික්ම යාමට සිටි රැදවියන් පිරිසක් බවයි.

මෙලෙස පළා ගොස් ඇත්තේ එළිමහන් වැඩ කණ්ඩායම්වලට අයත් රැදවියන් පිරිසකි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment