රනිල් පිළ, සජිත් පිළ වෙනුවට එජාපයෙන් අලුත් පිළක්

රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරා වන ශ්‍රී ලංකා සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන අර්ජුන් මහේන්ද්‍රන් හා එජාපයේ රනිල් කල්ලිය එක්සත් ජාතික පක්ෂය බිල්ලට දි බිලියන ගණන් උපයා ගැනිම ගැන කලකිරිමට පත් එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එජාපයේ වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරියේදි කටයුතු කිරිමට සුදානම් බව එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන …………..අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය නිවැරදි මගට ගැනිම සදහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එජාපය තුල අරගල කලද පසුව සජිත් යනු කිළිගේ පිල්ලියක් බව දැන ගත් එම කල්ලිය සමාජිකයන් අද සජිත් තනිකර දමා ඇති බවත් සජිත්ගේ දැන් මෙහෙයුම වි ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයා සමග ගොස් කෙසේ හෝ අඩුම තරමේ අගමැති කම එක අවස්ථාවක හෝ දැරිම පමණක් බවද ජ්‍යෙෂ්ඨයා සදහන් කර තිබේ..

එම නිසා රනිල් පිලත් සජිත් පිලත් අතහැර දමා එක්සත් ජාතික පක්ෂයේ සැබෑ පිළ නිර්මාණය කිරිම සදහා තමන් ඇතුලු කණ්ඩායම කටයුතු කරන බවත් ඉදිරි දිනවලදි එම කණ්ඩායම විවිධ ක්‍රියාකාරකම් හරහා සමාජ ගත විමට කටයුතු කරන බවද ඔහු සදහන් කර තිබේ.

මේ අතර අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ අදාළ ජ්‍යෙෂ්ඨයා ඇතුලු අලුත් පිළ මෙහෙයවනු ලබන්නේද කලින් සජිත් පිළ මෙහෙයවු ප්‍රබලයෙකුම වන අතර ඔහු මේ වනවිට සිරිසේන ජනාධිපතිවරයාගේ කපටි ආරක්ෂකයාගේ චරිතය නිරූපණය කරමින් සිටින බවයි.

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment