තමිල්නාඩුවේ නිෂ්පාදිත බෝම්බ සැදීමට ගන්නා ඩෙටනේටර් 7500 ක් ප්‍රවාහනය කරමින් සිටි උතුරේ තරුණයන් දෙදෙනකු මන්නාරම් පොලීසිය විසින් ඊයේ අත් අඩංගුවට ගෙන ඇත.
මන්නාරම් පොලිසිය විසින් පැරණි මන්නාරම් පාරේ පලෙයිමුනේ මාර්ග බාධකකයේදී මෙසේ අත් අඩංගුවට ගැනිමට හැකිවූයේ ලැබුණ ඔත්තුවක් අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කීරිමක් සම්බන්ධයෙන් වාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී අවස්ථාවකයි.
තලෙයි මන්නාරම්හි පදිංචි අවුරුදු 22 සහ 25 වන මෙම සැකකරුවන්ගෙන් කෙනෙක් මෙම ඩෙටනේටර් තොගය ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට බෝට්ටුවක් මගින් රැගෙන ගෙනවිත් මෝටර් සයිකලයක නැගි ප්‍රවාහන කරමින් සිටියදි මෙසේ පොලිස් අත් අඩංගුවට පත්විය.
මන්නාරම් මුහුද තීරය එදා කොටි ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ මෙන්ම ශ්‍රීලංකාවට මත්ද්‍රව්‍ය ගොඩබාන ප්‍රධාන මධ්‍යස්ථානය වන අතර එදා මුහුදු කොටි මූලස්ථානය පිහිටුවා තිබුණේද මෙම මුහුදු තීරයේ සීලාවතුර ප්‍රදේශයේ වන අතර පසුගියදා මෙසේ පැමිනෙන නීතිවිරෝධී භාණ්ඩ පරීක්ෂාට ගිය සිලාවතුර නාවික හමුදා කදවුරේ නිලධාරින් 3 දෙනෙකුට අමානුෂික ලෙස පහරදි ගම්මුන් විසින් රඳවාගෙන පසුව නිදහස් කලේ ද මෙම ප්‍රදේශයට ආසන්නවයි.
මූලාශ‍්‍රය මෙතනින්
Home
/
News
/
බෝම්බ සැදීමට ගන්නා ඩෙටනේටර් 7500ක් ගෙන යමින් සිටි උතුරේ තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට ගනී..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment