වස බී මළ පුද්ගලයා කන්න ආ කබරයො 9 ක් මැරිලා


කිසියම් රසායන ද්‍රව්‍යයක් පානය කිරීමෙන් මියගිය බවට සැකකරන පුද්ගලයෙකුගේ සිරුරක් නුවර වැවේ වාන් ජලය මල් අතු ඔයට පිටකරනා වාන් ඇලෙහි පාලම යට තිබී අනුරාධපුර මූලස්ථාන පොලීසිය සොයාගනු
ලැබීය. මීට දින තුනකට පමණ ඉහතදී මියගිය නාදුනන පුද්ගලයා වාන් ඇලෙහි පාලම යටට පැමිණ කිසියම් විෂ

රසායනයක් පානය කිරීමෙන් අනතුරුව මියයන්නට ඇති බවට පොලීසිය සැක පහල කරයි.

අදාළ මළසිරුර අසල තිබී කඹරයන් නමදෙනෙකුගේ සිරුරුද හමු වී ඇති අතර, මියගිය පුද්ගලයාගේ සිරුරෙහි විෂ ශරීරගත වීමෙන් ඔවුන් මිය යන්නට ඇතැයි සැක පළ කරයි.  ඊයේ (08දා) උදෑසන කිසියම් පුද්ගලයෙකු පාලම යට කඹරයන් විශාල ප්‍රමාණයක් මියගොස් සිටින බව පවසා අනුරාධපුර මූලස්ථාන පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර, පසුව සවස් කාලයේ තවත් පුද්ගලයෙකු එම ස්ථානයේ පුද්ගලයෙකු මියගොස් සිටින අයුරු දැක ඒ සම්බන්ධයෙන්ද පොලීසිය දැනුවත්කර තිබේ.

මියගිය පුද්ගලයා විෂ සහිත රසායන ද්‍රව්‍යයක් පානයකර දිවිනසා ගන්නට ඇති බවත්, විෂ සහිත සිරුර කා දැමූ කඹරයින්ද විෂ ශරීරගත වී මිය යන්නට ඇති බවත් පොලීසිය සැක පළ කරයි.

( අනුරාධපුර බි.ජි චතුරංග )
courtesy By- ada.lk  
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment