කොළඹ කොම්පඥ්ඥවීදියේ ‘Clique’ රාත්‍රී සමාජ ශාලාවේ රැකවලා වන ජීවන් ප්‍රේමදාස නැමත්තාට පහර දුන් පිරිස අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන සිටි බව පහර කෑ ආරක්ෂක රැකවලා වන ජීවන් ප්‍රේමදාස මෙන්ම සමාජශාලා හිමිකරු වන දිමිත්‍ර ජයසූරිය මරදාන පොලිසියට කටඋත්තර දෙකක් ලබා දෙමින් තහවුරු කල බව මරදාන පොලිසියේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.අදාළ කට උත්තරයේ පිටපතක් අප වෙත ලැබි ඇති අතර පොලිස් පරික්ෂණ මෙහෙයවන අකාරය අනුව එය ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.කට
පහර කෑ ආරක්ෂක රැකවලා වන ජීවන් ප්‍රේමදාසගේ කට උත්තරය PSDආරක්ෂාව මධ්‍යයේම ජාතික රෝහලේදි කට උත්තරය ලබාගෙන ඇති අතර දහම් සිරිසේන සහ පිරිස සමාජ ශාලාවට ඇතුලු වීමට පැමිනි අවස්ථාවේ එහි සෙනග පිරී ඇතැයි රැකවලා පවසා ඇති අතර ඉන් දෙපැයකට පසු පැමිණි පිරිස “ගහපල්ලා…..කුඩු කරපල්ලා… මගේ තාත්තා රටේ ජනාධිපති මට යන්න බැරි තැනක් නෑ ” යනුවෙන්ගැ කෑ ගසමින් පහර දිමට කටයුතු කර තිබේ.
මේ අතර පොලිසිය ආරක්ෂක රැකවලාට පහර දී තුවාල සිදු කලැයි කියන කණ්ඩායමක් හඳුනා ගැනීමට පොලිසිය සී.සී.ටී.වී ආරක්ෂක කැමරා පිරික්සිමට කටයුතු කරමින් සිටින බව දැනුම් දි ඇති අතර දැනට කිසිදු CCTV දර්ශණයක පහරදිම පිළිබඳව පටිගත විමක් නැති බවද දැනුම් දී තිබේ.
සිද්ධිය පිළිබඳව රාත්‍රී සමාජ ශාලාවේ කළමණාකාරිත්වය හා ආරක්ෂක අංශ පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ල හිමිකරුවන්ගේ බලපෑම මත මේ වන විට ඉල්ලා අස්කර ගෙන තිබේන අතර සිද්ධිය සිදුවූ සමාජ ශාලාව අවට මේ වන විට ආරක්ෂක දැලක් යොදා ඇති අතර කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට එම ප්‍රදේශයට පැමිණීම සපුරා තහනම් කොට ඇත. එසේම කිසිදු මාධ්‍යක් හා කථා කිරීම හෝ අදහස් දැක්වීම රාත්‍රී සමාජශාලාවේ සියළුම සේවකයන්ට එහි හිමිකරුවන් විසින් වහාම බලපැවැත්වෙන පරිදි තහනම් කර තිබේ.
දහම් සිරිසේනගේ පහර කැමට ලක්වු ජීවන් ප්‍රේමදාසගේ සමිප රුපයක් සහ ඔහුගේ රෝග නිශ්චය තුන්ඩුව
උපුටා ගැනීම : Lanka News Web Today
0 comments :
Post a Comment