ක්ලික් සමාජ ශාලාවට ගැහුවේ දහම් - විමල් කියයි


ඊයේ 8 රත්නපුරයේ පැවති මහින්ද පිලේ රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය කතාවේදී පසුගියදා ක්ලික් සමාජ ශාලාවට ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ල කළා.
ඔහු එහිදී මෙසේ කියා ඇත.

“මේ රටේ ඇතැම් මාධ්‍ය නාමල් රාජපක්‍ෂලාට විරුද්ධව නොයෙකුත් චෝදනා වරගන්වා ඉදිරිපත් කළා. විවිධ තර්ක ඔස්සේ විවිධ චෝදනා ගෙන ආවා. ‘එහෙම නම් පුළුවන් නම්, මේකත් දාන්න’ කියලා මම මේ රටේ මාධ්‍යවලට අභියෝග කරනවා එහෙම කළාට දාන්නේ නම් නැහැ.
නමුත් සමාජ ඡාලා මාධ්‍යවලවත් යාවිනේ


අනේ හාමුදුරුවනේ සමාවෙලා. මේ දහම් කොලුවාගේ නම වෙනස් කරලා සංඝ ආඥාවක් නිකුත් කරන්න. බුදුන්, දහම්, සඟුන් තමයි අපට තිබෙන තෙරුවන. මේයා නිසා ඒකත් වැනසෙනවා. දහම් ගිහින් තිබෙනවා ටවුන්හෝල්වල තිබෙන ‘ක්ලික්’ නැමති නයිට් ක්ලබ් එකට, ජනාධිපති ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂාව සහිතව.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජිප් රථයක තමයි ගිහින් තිබුණේ. පළමු වතාවේ ගිහින් ඇතුළු වෙන්න ඇහුවා. ‘පොඞ්ඩක් ඉන්න කියා’ පිළිතුරක් ලැබී තිබුණා. ‘පස්සේ එන්නම්’ කියලා ඒ වතාවේ ගිහින් ආපසු ඇවිත් ක්ලබ් එකේ සියලු වීදුරු බින්දා.

එක සේවකයකුට පහර දී තිබෙනවා. ඒ සේවකයා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඒ පහර කෑමෙන් රෝගී වූ ඒ නයිට් ක්ල්බ් සේවකයාට දැන් ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් ආරක්‍ෂාව ලබාදී තිබෙනවා. බලාපොරොත්තු වූණේ මේ වෙනස නේද? නාමල් රාජපක්‍ෂලා, නයිට් ක්ලබ් ගිහින් මරා ගත්තේ නැහැ. මේ රටේ බහුතරයකට ‘නයිට් ක්ල්බ් යන, ගහගන්න, මරා ගන්න පුතකුගේ තාත්තා කෙනෙක් ජනාධිපති කරවන වෙනසක් ඕනෙ වුණා. ඒ වෙනස 2015 ජනවාරි 08 වැනිදා සිදු වුණා.“

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment