ලාංකික ධීවරයින් 9ක් අත්අඩංගුවට

ලාංකික ධීවරයින් 9ක් අත්අඩංගුවට

පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි බෝට්ටු 02ක් සහ තවත් උපකරණ කිහිපයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ උපරණ වැඩිදුර විමර්ශන සඳහා කුච්චවේලි පොලීසියට බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment