හොරු අල්ලන හොරිකඩ ගොන්ජාගේ හොර වැඩක් අතේ මාට්ටු….

හොරු අල්ලන බවට තැන් තැන පම්පොරි ගසමින් මාධ්‍ය ඉදිරියේ තමන් ජිග්ලෝ වර්ගයේ පොරක් බව ඔප්පුකල ඇස් පනාපිටම මහ බැංකු බැදුම්කර ගනුදෙනුව හරහා රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගැනිම සදහා කෝප් කමිටු වාර්තාවට අත්සන් නොයොදා ජපානයේ බොරු සංචාරයක නිරත වු රන්ජන් රාමනායක ටුනායක ගුවන් තොටුපලේ තීරු බද්දට කෙලවන්නට ගොස් කූජිත වු පුවතක් අද අනාවරණය වුනා.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කටුනායක ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පුවකින් රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන රෙගුවට බදු නොගෙවා ප්‍රභූ පරියන්තයෙන් එලියට ගෙන ගොස් ඇති අතර පසුව නියෝජ්‍ය ඇමැතිවරයා රැගෙන ගොස් ඇති රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා එය ලබාදුන් වෙළඳ සලටම යළි රැගෙන ඒමට සිදුවූ නිසා රංජන් රාමනායක මහතා කල මෙම වංචාව හෙලි කර ගැනීමට රේගු නිලධාරීන්ට හැකි ව් තිබේ .

පසුගිය 28 වැනිදා ජපානයේ සිට පැමිණි ගුවන් යානයකින් ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තීරු බදු රහිත සාප්පුවකින් අගල් 40 නවීන වර්ගයේ රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන තිබේ .එහි වටිනාකම ඩොලර් 990 කි.

එහෙත් ඔහුට එම තීරු බදු සහනය හිමි නොවන අතර වසරකට වැඩි කාලයක් විදේශ ගතවසිට පැමිණෙන පුද්ගලයකුට ඩොලර් 1750තීරු බදු සහනයක් හිමිවේ
දින 90 ක් විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයකුට හිමි වන්නේද ඩොලර් 625 ක තීරු බදුසහනයකි.

ඒ අනුව සාමාන්‍ය මගියෙකුට හිමිවන ඩොලර් 187 ක තීරු බදු සහනය රන්ජන් රාමනායක මහතාටද හිමිවන අතර ඔහු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් අදාළ රූපවාහිනී යන්ත්‍රය මිලටගෙන හොර රහසේම ප්‍රභූ පරියන්තයෙන් එළියට ගෙන ගොස් තිබේ.තිරු බදු රහිත භාන්ඩ ප්‍රභූ පරියන්තයෙන් එළියට ගෙන යාම නීතිවිරෝධී ක්‍රියවකි.

ඒ අනුව රේගුවට හොර රහසේම රූපවාහිනී යන්ත්‍රය පිටමං කිරීම නිසා ඇමැතිවරයාට රුපියල් 60000 ක දඩ මුදලක් ද අදාළ අලෙව් සැලට රුපියල් 25000 ක දඩයක් ද ගෙවීමට රේගුව නියම කර තිබේ .



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment