මත්ද්‍රව්‍ය නිවාරණ ඉන්දීය සාගර සැසිය ඇරඹෙයි

මත්ද්‍රව්‍ය නිවාරණ ඉන්දීය සාගර සැසිය ඇරඹෙයි

මත්ද්‍රව්‍ය නිවරාණය පිළිබඳ ඉන්දීය සාගර රටවල අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ ඉහළ පෙළේ සැසි වාරය අද (29) කොළඹදී ආරම්භ විය.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයවීම යටතේ කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සැසි වාරය පවත්වනු ලබයි.

බංගලාදේශය, ඉන්දියාව, ඉරානය, මැඩගස්කරය, සීෂෙල්ස්, ටැන්සානියාව, පාකිස්ථානය, කටාර් හා මුරුසිය ඇතුළු රටවල් 20ක පමණ නියෝජිතයින් මේ සඳහා සහභාගීවී ඇති අතර මෙහි ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරයි.

ඉන්දීය සාගරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම සඳහා කලාපීය සහයෝගීත්වය වර්ධනය කිරීම මෙම සැසි වාරයේ අරමුණ වී ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment