නව ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාවක් ලබන මසදී පාර්ලිමේන්තුවට

නව ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාවක් ලබන මසදී පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුව සැකසූ අතුරු වාර්තාවක් ලබන ඔක්තොම්බර් මසදී පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය දරණ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු  පක්ෂ නායකයින් එහි සාමාජිකත්වය දරණ බව නියෝජ්‍ය මහ ලේකම්වරයා කියාසිටියේය.

ඒ අනුව පසුගිය දින 04ක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුව අඛණ්ඩව රැස්ව තිබේ.

එහිදී මැතිවරණ ක්‍රමය, බලය බෙදීම සහ විධායකය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

නව ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධයෙන් වූ මූලධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳව කරුණු අඩංගු එම වාර්තාව ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉන් අනතුරුව සියලු මහජන නියෝජිතයින්ගේ සහ මහජනතාවගේ අදහස් විමසීමෙන් පසුව සවිස්තරාත්මක කෙටුම්පත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment