පුත්තලම දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ

පුත්තලම දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ

දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුත්තක් හේතුවෙන් ඊයේ (28) දිනයේ සිට ලබන 31 වනදා දක්වා කාලය තුළ පුත්තලම දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ කටුනායක දුම්රිය ස්ථානය හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සකස් කිරීම සඳහා මෙලෙස මාර්ගය තාවකාලිකව වසා දැමෙන බවයි.

ඒ අනුව 28 වැනි දින පස්වරු 9.45 සිට ලබන 31 වන දින පෙරවරු 5.00 දක්වා එම මාර්ගය තාවකාලිකව වසා තැබෙනු ඇත.

කෙසේවෙතත් එම කාල සීමවෙ තුළ කොළඹ කොටුව - සීදූව,  සීදූව - කොළඹ කොටුව දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම හලාවත - මීගමුව, මීගමුව - හලාවත දුම්රිය ධාවන කටයුතු ද නව කාලසටහනක් ඔස්සේ සිදු කිරීමට නියමිත බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment