සරසවි සිසුන්ගේ මරණය සම්බන්ධ වාර්තාව ඉදිරි සතියේදී

සරසවි සිසුන්ගේ මරණය සම්බන්ධ වාර්තාව ඉදිරි සතියේදී

යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ නියෝජිතයාගේ වාර්තාව ඉදිරි සතියේ පොලිස් කොමිසම වෙත ලැබෙනු ඇති බව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි.

අදාළ නියෝජිතයා පසුගිය 24 වැනිදා යාපනය ප්‍රදේශයට ගොස් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කළ බව ඔහු සඳහන් කළේය.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පසුගිය 20වනදා යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගැණුනි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු මත සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව පොලිස් නිලධාරීන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වැඩ තහනම් කරනු ලැබීය.

සිද්ධිය පිළිබදව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ විමර්ශන වාර්තාව අනුව පොලිස් කොමිසම විසින් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව පොලිස් කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේය.

යාපනයේ සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධිය අපරාධ වරදක් බැවින් පොලිස් කොමිසමට ඒ පිළිබඳ විමර්ශන කිරීමේ බලය නොමැති බවත්,  පොලීසිය සිදු කරන විමර්ශනයේ යම් අඩුපාඩුවක් වෙතොත් ඒ සඳහා මැදිහත්වීමට පොලිස් කොමිසම කටයුතු කරන බවත්, ආරියදාස කුරේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment