අඹ කඩන්නට මොරටු කැම්පස් ආ පුද්ගලයෙකු ඇද වැටී මරුට

මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.
විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පොලීසියට කළ දැනුම් දීමකට අනුව අදාළ මල සිරුර සොයාගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
විශ්වවිද්‍යාල භූමිය තුළ පිහිටි අඹ ගසකට මෙම පුද්ගලයා නැග ඇති අතර එහිදී ගසෙන් ඇද වැටීමෙන් ඔහු මිය යන්නට ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ මොරටුව -කටුබැද්ද  ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.
මිය ගිය පුද්ගලයා විශ්වවිද්‍යාලයේ සේවකයෙකු නොවන පිටස්තර පුද්ගලයෙක් බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment