අගමැති හොරු ටික ඔක්කොම යහපාලනයට ගත්තා කිවුවා.. එහෙනං අපි හොරු නෙවෙයි.. – අගමැතිගේ රැවුල ගිනිගත් වෙලේ මහින්ද සුරුට්ටු පත්තු කරයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශය අනුව අද වන විට සියළුම හොරුන් ඉන්නේ යහපාලන ආණ්ඩුවේ බව හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අවිස්සාවේල්ලේදී පැවති උත්සව සභාවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ‘හොරු ටික අපි යහපාලනයට ගත්තා’ යයි අගමැතිවරයා විසින් කියා සිටියේ ආණ්ඩුවට ගිය පිරිසට බවත් එය ජනාධිපතිවරයාට දුන් රිටන් එකක් බවත් රාජපක්‍ෂ මහතා කීය.

අගමැතිගේ එම තර්කයටම අනුව දැන් විපක්‍ෂයේ ඉන්නේ හොරු නොවන බවත් හොරු සියල්ල ඉන්නේ යහපාලනයේ බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment