දළදා මාළිගාවට මියන්මාරයෙන් ඇත් පැටියෙක්

දළදා මාළිගාවට මියන්මාරයෙන් ඇත් පැටියෙක්

ඉන්දියාවේ ගෝව නගරයේ පැවැත්වෙන බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය නායකයන් රැසක් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ සාකච්ඡා පවත්වනු ලැබීය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මියන්මාර් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සාමාජිකා, මියන්මාර් විදේශ කටයුතු ඇමතිනි අවුන් සාන් සුකී මහත්මිය අතර හමුවක් සිදු විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දිගු අරගලයක් කළ සුවිශේෂී නායිකාවක් වූ අවුන් සාන් සුකී මහත්මියගේ වැඩපිළිවෙළ අගය කළ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ද අවුන් සාන් සුකී මහත්මිය වෙත ආරාධනා කළේය.

ශී‍්‍ර ලංකාව තුළ සිදු කරමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය ඇගයීමට ලක් කළ අවුන් සාන් සුකී මහත්මිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ දේශපාලන ගමන් මඟ පිළිබඳ තම ප‍්‍රසාදය පළ කර සිටියාය.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව පැවසූ සුකී මහත්මිය මහනුවර ඓතිහාසික දළදා මාළිගාව සඳහා මියන්මාරයෙන් ඇත් පැටවෙකු ලබාදීමට ද කැමැත්ත පළ කළාය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment