ආනන්ද ශාස්ත්‍රාල විදුහල්පතිට තර්ජනය කළැයි ක්‍රිකට් ක්‍රීඩක රුචිර පෙරේරාට පැමිණිලි




'තමුසෙව මේ පාසලට දාලා තියෙන්නේ තාවකාලිකවයි. අධ්‍යාපන ඇමැතිට කියලා දවස් දෙකෙන් තමුසෙව යවන්න මට පුළුවන්' යැයි පවසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රුචිර පෙරේරා නමැති අය තමාට දුරකතනයෙන් බැන වැදී තර්ජනය කොට තමාගේ රාජකාරියට බාධා කළැයි පවසමින් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ජී.ටී.බී. ලියනකුඹුර මහතා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.


පසුගිය දින කිහිපයේ එම පාසලේදී ක්‍රිකට් ක්‍රීඩා තරග

කිහිපයක් පවත්වා ඇති බවත්, එකී තරග සඳහා එම පාසලේ ක්‍රිකට් කණ්ඩායමක උප නායකයකුව සහභාගි කර නොගන්නා ලෙසට එම පාසලේම ආදි සිසුවකු බව කියන ඉහත කී ක්‍රිකට් ක්‍රීඩකයා පාසලේ ක්‍රීඩා අංශය භාර ගුරුවරයකුට දන්වා ඇති බවත් දැනගැනීමට තිබේ.
ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති විදුහල්පතිවරයා එම ක්‍රීඩකයාට ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් උරණ වී එසේ දුරකතනයෙන් බැන වැදී තර්ජනය කර ඇති බවත් අනාවරණය වී ඇත.

එම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා කණ්ඩායමට නොගන්නා ලෙසට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා දැනුම්දී ඇත්තේ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයාගේ පියා සමඟ ඇතිකරගෙන තිබෙන අමනාපයක් නිසා බවද දැන ගැනීමට තිබේ. මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment