හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ‍්‍රීලනිප අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කිරීම සදහා හිටපු ජනපතිනිය විසින් හොරගොල්ල වලව්වේදී කැදවා තිබූ සාකච්ඡුාක් උණුසුම් වාද විවාද මැද නිම වී ඇති බව වාර්තා වෙයි.
මෙම හමුව සදහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රීලනිප පැරණි සාමාජිකයන් දේශපාලඥයන්ද කැදවා තිබින. තම පුත‍්‍රයා අත්තනගල්ල ආසන සංවිධායක ධුරයට පත් කරන බව එහිදී හිටපු ජනාධිපතිනිය දැනුම් දී ඇති අතර ඊට එහි සිටි පිරිසෙන් කිහිප දෙනකු අන් සියලූ දෙනා තදබල විරෝධය පළ කර තිබේ.
මෙම හමුව සදහා පිරිස කැදවා ඇත්තේ එජාපය හා ශ‍්‍රීලනිපය අතර ඇති වී තිබෙන මතගැටුම් ගැන සාකච්ඡ කිරීමට බවද වාර්තා වෙයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment