හෙට සිට දුරකතන ගාස්තු ඉහළ යන හැටි

හෙට සිට දුරකතන ගාස්තු ඉහළ යන හැටි

හෙට(01) සිට නව වැට් බදු සංශෝධන ක්‍රියාවට නැංවීමත් සමග දුරකතන ගාස්තුද ඉහළ යාමක් සිදු වන වාර්තා වේ.

දුරකතන සේවා සදහා අලුත්තෙන්ම එකතුවන 15‍% ක වැට් බද්ද හේතුවෙන් දුරකතන ගාස්තුවලින් 48‍% පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙනු ඇති බව වාර්තා වේ.

දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව තවත් බදු වර්ග දෙකක් අය කෙරෙන අතර දුරකතන සේවාවලදී ඉහත බදු දෙකට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය කෙරේ.

ඒ අනුව දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක් වන බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්‍රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති අතර දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment