බියගමට හෙට පැය 12ක ජල කප්පාදුවක්

බියගමට හෙට පැය 12ක ජල කප්පාදුවක්

බියගම ප්‍රදේශ කිහිපයකට හෙට (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

දේවමිත්ත, බියගම, කොට්ටුන්න, බණ්ඩාරවත්ත, බොල්ලෑගල, පට්ටිවිල, මානෙල්වත්ත සහ තල්වත්ත යන ප්‍රදේශවලය ජල සැපයුම මෙලෙස අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.

බියගම ප්‍රදේශයේ ජල සැපයුම වැඩිදියුණු කිරීම සඳහා කැළණිය මුදුන්ගොඩ මාර්ගයේ එළන ලද නව ජලනල, පවතින ජලනල පද්ධතියට සම්බන්ධ කිරීම හේතුවෙන් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට සිදුව වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment