හෙට අහස වලාකුළින් බරවෙයි

හෙට අහස වලාකුළින් බරවෙයි

දිවයින ආසන්න පහළ වායුගෝල‍යේ  ඇතිවී ඇති කැලඹිලි තත්ත්වය හේතුවෙන් හෙට (01) දිනයේ  අහස වලාකුළින් බරව පවතින බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පවසයි.

ඒ අනුව සමහර ස්ථානවලට, විශේෂයෙන් දකුණු, මධ්‍යම, බස්නාහිර, සබරගමුව, ඌව, සහ නැගෙනහිර පළාත්වලට (100mm ට වැඩි) තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (31) මධ්‍යහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව,වයඹ සහ උතුරු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් අනෙකුත් පළාත්වලද විශේෂයෙන්ම සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවලට හෙට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment