ශ්‍රී ලංකන් ගන්න සමාගම් අටක් කැමැත්ත දීලා


රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (31)පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසී ය.

“එක ගුවන් සේවාවක් කරගන්න

බැරිකොට ගුවන් සේවාවල් දෙකක් කරන්න පුළුවන්ද? දෙකම අලාභයි. එහෙනම් අපි අහන්න ඕන ප්‍රශ්නය මේ වගේ ව්‍යාපාර බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් ඇයි මේවා කළේ. හොරකමට වංචාවට තමයි මේ දේවල් කළේ. ඉතිං අපි ආවා තීරණ දෙකකට එකක් ඇවිල්ලා මිහින් ගුවන් සේවාවයි, ශ්‍රී ලංකා ගුවන් සේවාවයි බද්ධ කරන්න.

අපි ආපු දෙවැනි තීරණේ ඇවිල්ලා ශ්‍රී ලංකා ගුවන් සේවාවට ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ නිසා අපි දැන්වීම් දැම්මා මේ ගුවන් සේවාවන්වලට ආයෝජනය කරන්න කැමතිනම්, මේක ඇවිල්ලා කළමනාකරණය කරන්න කැමතිනම් ඔබතුමන්ලාගේ කැමැත්ත ප්‍රකාශ කරන්න කියලා. ඉතිං බද්ධ කිරීමේ තීරණය දැන් ඒක සිදුවේගෙන යනවා. දෙවැනි එකත් සිදුවේගෙන යනවා, බී. ඕ.අයි. එකට සමාගම් අටක් ඒ අයගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.“

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment