දුම්වැටි නිවාරණයට ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනවා - ජනපති

දුම්වැටි නිවාරණයට ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනවා - ජනපති

දුම්කොළ හා දුම්වැටි නිවාරණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යයක් ඉටු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දුම්කොළ මද්‍යසාර හා අනෙකුත් මද්‍යසාරයන්ගේ අයහපත් බලපෑම්වලින් තොර වූ ජීවිතයක් සියලු ශ්‍රී ලාංකිකයින්ට උදාකර දීමට වත්මන් රජය කැපවී සිටින බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර, මහවැලි රිච් හෝටලයේ පැවැති මද්‍යසාර, දුම්කොළ ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය වැලැක්වීම සම්බන්ධ ජාත්‍යන්තරෙ සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

දුම්වැටි ඇසුරුමෙහි 80%ක රූපමය අනතුරු ඇඟවීමක් යෙදීමට රජයට හැකීවීම පිළිබඳව මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිවරයා කියාසිටියේ මෑතදී දුම්වැටි සඳහා වන බද්ධ ඉහළ නැංවීමට ද රජය කටයුතු කළ බවත් එය දුම්වැටි භාවිතය අධෛර්යමත් කිරීමට යෙදිය හැකි වඩාත් ඵලදායි ක්‍රියාමාර්ගයක් බවත්ය.

21 වන සියවසේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය අරමුණු කොටගෙන පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා රටවල් 23ක් නියෝජනය කරමින් සාමාජිකයින් 93 දෙනෙකු සහභාගී වී සිටියි.

මෙම සම්මන්ත්‍රණය ලබන නොවැම්බර් 04  වනදා දක්වා පැවැත්විමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment